
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහන සම්බන්ධයෙන් දේශීය ක්‍රියාවලියේදී එවැනි අවිනිශ්චිතතා පැවැතියද, රට විසින් ලබාගෙන ඇති විදේශීය ණය සම්බන්ධයෙන් IMF විසින් ලබාදී ඇති නිර්දේශයේ කිසිදු අපැහැදිලිතවක් නැත. IMF විසින් පැහැදිලිවම ප්‍රසිද්ධියේ අවධාරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති විදේශීය ද්විපාර්ශ්වික ණය මෙන්ම පෞද්ගලික ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අනුමත කරගැනීමට සතිඅන්ත දින දෙක යොදාගෙන ඇත්තේ ඊට එරෙහිව අධිකරණය වෙත යෑමට තිබෙන අවස්ථා මඟහැරීමට බවට නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම චෝදනා කරයි.
එමෙන්ම මෙම ක්‍රියාවලිය පිළිබඳ බරපතල සැකයක් මෙන්ම අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුමැතිය ලබාගෙන මෙය සම්මත කර ගැනීමට කටයුතු කළද, ඡන්දය ලබා දුන් 69 ලක්ෂයේ එකඟතාවය එය නොවන බව මතක තබාගත යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙරට ක්‍රියාත්මක වන්නේ මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය වන අතර, ඒ අනුව සතිඅන්ත පාර්ලිමේන්තුව රැස්කිරීමක් සිදුවන්නේ රටේ ජාතික ආරක්ෂාවට බරපතළ තත්ත්වයක් උදා වූ අවස්ථාවක බව ද මන්ත්‍රීවරයා පවසයි.
එමෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසය දෙස බැලීමේදී සෙනසුරාදා දිනයකදී පාර්ලිමේන්තුව රැස්කර ඇත්තේ, එවකට අගමැතිව සිටි මාග්‍රට් තැචර් විසින් පෝලන්ත යුද්දයට මැදිහත්වීම සඳහා අනුමැතිය ලබා ගැනීමට සුදානම් වූ අවස්ථාවේදී යැයි මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
මෙම සතිඅන්තයද ඇතුළත්වන ලෙස දින 05ක් බැංකු වසා තැබීම, කොටස් වෙළෙඳපොළ වසාතැබීම වැනි කරුණු සිදුකර පාර්ලිමේන්තුව පමණක් සති අන්තයේ රැස්වන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැංකු පොළිය අඩුකිරීමක් හෝ ණය කපා හැරීමක් ඇතුළු කිසිදු කාරණාවක් ගැන කිසිවෙක් දැනුවත් කර නොමැති අවස්ථාවක බවද ඔහු සඳහන් කරයි.
ජනාධිපතිවරයා මීට පෙර කොටස් වෙළෙඳපොළ වසාදමන බවට සඳහන් කළ අතර, මේ දින දෙක තුළ සිදුවන දේ සම්බන්ධයෙන් අධිකරණය වෙත යෑමට නොහැකිවීම බරපතල තත්ත්වයක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart