
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික කරුණු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර රටින් පිටව ගොස් සිටින ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී ඔහුට ක්‍රියාකාරී අනුගාමිකයන් 18,000ක් මේ වන විට සිටින බව පෙනී ගොස් ඇත.
එසේම ක්‍රියාකාරී නොවන පිරිස මෙම ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක්වත් සිටින බව අනුමාන කළ හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ක්‍රියාකාරී සාමාජිකයින්ගෙන් වැඩි දෙනෙක් සමාජය හමුවේ බලපෑම් කළ හැකි අය බවත් ඒ අය අතර ඉහළම තැන් නියෝජනය කරන්නන් බොහෝ බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ අය අතර, හැම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන්නන් සිටින බවද එම නිලධාරියා කීය.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විශේෂ විමර්ශනයක්ද ආරම්භකර තිබේ.
මේ වන විට ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට සම්බන්ධ විමර්ශනයේදී සමාගම් 06ක් ගැන තොරතුරු හෙළි වී ඇති බවත් එම සමාගම්වල වත්කම් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
එහි ගිණුම් පරීක්ෂා කිරීම්ද මේ වන විට සිදු වෙමින් ඇති බවත් හැම දෙයක්ම පිළිවෙළට සටහන් තබා ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙක් සඳහන් කළේය. එම ගිණුම් සටහන්වල නිවැරැදිතාවය ද ඉදිරියේදී පරීක්ෂා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart