
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව, සීදූව සහ කොච්චිකඩේ යන ප්‍රදේශවල ආයුර්වේද ප්‍රතිකාර මුවාවෙන් ගණිකා නිවාස ලෙස ක්‍රියාත්මක වීම නිසා වසාදැමූ ස්පා සහ සුවතා මධ්‍යස්ථාන නැවත විවෘත කර නැවත මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
2024 මාර්තු මාසයේදී, එම පරිශ්‍රවල ගණිකා නිවාස පවත්වාගෙන යන බව සොයාගැනීමෙන් පසු, පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර එවැනි ආයතන 53ක් වසාදමන ලදී.
මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයකු HIV සඳහා ධණාත්මක බව හෙළිවීමත් සමග මෙම වැටළීම් සිදුකර තිබිණි. ප්‍රශ්න කිරීමේදී, ප්‍රදේශයේ ස්පා කිහිපයකට නිතර නිතර ගිය බව එම පුද්ගලයා පිළිගෙන ඇත.
මෙම මෙහෙයුම්වලදී සොයාගත් කාන්තාවන් 140 දෙනාගෙන් දෙදෙනෙකු HIV සඳහා ධණාත්මක බව සොයාගෙන තිබේ. ඔවුන්ගෙන් එක් අයෙකු බාල වයස්කාර කාන්තාවක විය.
කෙසේවෙතත්, ආරංචි මාර්ග දැන් හෙළිකරන්නේ, මෙම මෙහෙයුම්වලට සම්බන්ධවූ නිලධාරීන් කිහිපදෙනකු ස්ථාන මාරුවීම් ලැබීම හේතුවෙන්, වසා දැමූ ස්පා සියල්ලම පාහේ නිහඬව නැවත විවෘත කිරීමට පටන් ගෙන ඇති බවයි.
ඒ අතුරින් බොහෝ ඒවා පැවැති ස්ථානවලම රහසිගතව ක්‍රියාත්මක වන අතර නැවත වරක් ගණිකා සේවා සපයයි.
එම ප්‍රදේශවල පදිංචිකරුවෝ සහ ප්‍රජා නායකයෝ දැන් බරපතල ගැටළු මතු කරමින්, මෙම ආයතන නැවත විවෘත කිරීමට අවසර දුන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති.
ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් විමසූ විට, එහි ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, ඔවුන් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරන නමුත් ‘ස්පා’ ඒවා පවත්වාගෙන යෑමට අවසර ලබාදී නොමැති බවයි.
2024 දී ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වූ අතර, රෝගීන් 824 කට වඩා වාර්තා විය.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart