
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා ලෙස පොලිසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිලධාරියකු පත්කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටී.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මෙන්ම නීතියේ ආධිපත්‍යයටද පොලිසිය කෙරෙහි පවතින මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව නීතීඥ සංගමය පෙන්වාදෙයි.
පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත කිරීමට පෙර, පත්වීම් සඳහා නිර්දේශ හෝ අනුමත කිරීම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් තීරණය කළ යුතු බවද නීතීඥ සංගමය අවධාරණය කරයි.
නීතීඥ සංගමය කියා සිටින්නේ පොලිසිය කෙරෙහි මහජන විශ්වාසයේ බරපතල බිඳවැටී ඇති බවයි.
මෙම ලිපිය නිකුත් කර ඇත්තේ නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart