
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1997 වසරේදී දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනයෙන් පසු ඇති වූ සිවිල් නොසන්සුන්තාවට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින් 06 දෙනකුට රත්නපුර මහාධිකරණය විසින් පනවා තිබූ වසර 05ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.
මෙම සිදුවීමට සම්බන්ධ රත්නපුර පළාත් සභාවේ හිටපු සභාපති සුගත් දිසානායක ඇතුළු විත්තිකරුවන් 2007 වසරේදී රත්නපුර මහාධිකරණය විසින් වරදකරුවන් බවට තීන්දු කර වසර 05ක සිර දඬුවමක් නියම කරන ලදී.
විත්තිකරුවන් මෙම තීන්දුව අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ නමුත් 2010 දී එයද ප්‍රතික්ෂේප විය.
පසුව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වූ නමුත් අධිකරණය ඔවුන්ට පක්ෂව තීන්දුවක් නොදුන් අතර, අද (27) සිට සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart