
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සඳහා නීති හඳුන්වාදීමට රජය සුදානම් වේ.
ඊට අදාළව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැළකිල්ලට ගෙන, ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එම කමිටුවට බෞද්ධ, මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි යන ප්‍රධාන ආගම්වල ආගමික නායකයන්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුලත් වන බව රජය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart