Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටිබෙට් බෞද්ධයන් සඳහා, දලයි ලාමා යනු හුදු කේවල අධ්‍යාත්මික මග පෙන්වන්නෙකු පමණක් නොවේ. දලයි ලාමා සියවස් ගණනක් පැරණි බෞද්ධ ප්‍රඥාව සහ සම්ප්‍රදාය නියෝජනය කරන අතරම, ටිබෙට් සංස්කෘතික අනන්‍යතාවයට සජීව පාලමක් නිර්මාණය කරන්නෙකුද වේ. 16 වන සියවසේ එහි ආරම්භයේ සිටම, මෙම දලයි ලාමා ධුරය ලොව පුරා මිලියන ගණනක් ජනතාවට සදාචාරමය පැහැදිලිකම ඇතිකිරීම, ඔරොත්තු දීමේ හැකියාව දියුණු කිරීම සහ බලාපොරොත්තුවේ මූලාශ්‍රයක් ලෙස විවිධාකාරයෙන් සේවය සළසා තිබේ.
අනුප්‍රාප්තිකත්වය සම්බන්ධ මතුව ඇති ආතතිය
2025 ජූලි 2 වන දින, ඔහුගේ 90 වන උපන් දිනයට මොහොතකට පෙර, වර්තමානයේ අප දකින 14 වන දලයි ලාමා වන ටෙන්සින් ග්‍යාට්සෝ, ඔහු පුනර්ජන්ම වීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළේය. ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ඔහුගේ අනුප්‍රාප්තිකයා හඳුනා ගැනීමේ අධිකාරිය තිබෙන්නේ ඔහු සමග පිටුවහල්කරණයේ පවතින ගාදෙන් ෆෝද්‍රාං භාරයට පමණක් බවයි. ඊළඟ දලයි ලාමා හදුනාගැනීම සම්ප්‍රදායික අධ්‍යාත්මික ක්‍රමවේද මෙන්ම , දර්ශන, පටිච්ච සමුප්පාද සහ මහතෙර සම්මන්ත්‍රණ හරහා සිදුවිය යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය. මීලග උපත සිදුවන්නේ චීනයේ පාලනයට යටත් ටිබටෙයෙන් පිටත බවද මෙහිදී ප්‍රකාශ විය.
චීනයේ මැදිහත්වීම සහ නීතිමය කරුණු
මෙය ප්‍රසිද්ධ වූ වහාම චීනයේ බීජිං පාලනය දලයිලමාගේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය. 2007 තමන් විසින් හදුන්වාදුන් “ජීවමාන බුදුවරුන්ගේ පුනර්ජන්ම කළමනාකරණ පියවර” යටතේ, දලයි ලාමා ඇතුළු ප්‍රමුඛ ලාමාවරුන්ගේ සියලු පුනර්ජන්ම චීන රජය විසින් අනුමත කළ යුතු බව මෙහිදී සදහන් කෙරිණ. බීජිං අධිකාරීන් මෙහිදී පවසා සිටියේ මෙම ක්‍රියාවලිය චීනය තුළ සිදුවිය යුතු බවයි. ඊට අදාල සම්ප්‍රදායික උත්සවය චීන පාලනයේ ඇති ටිබෙටය තුළ සිදුකර එ් සදහා රාජ්‍ය අනුමැතිය ගත යුතු බවද මෙහිදී සදහන් කෙරිණ. එහිදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මාඕ නිං චෝදනා කළේ දලයි ලාමාගේ ප්‍රකාශය ඔහුගේ සහයෝගිතාකරුවන් සහ ඉන්දියාව විසින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් බවයි.
චීන බලහත්කාරී පාලනයේ ඓතිහාසික රටාව
චීනය මෙසේ ටිබටේ ආගමික අනුප්‍රාප්තිකත්වයට ආක්‍රමණය කරන්නේ පළමු වතාවට නොවේ. 1995 දී, දලයි ලාමා විසින් හය හැවිරිදි ගෙද්හුන් චෝකියි නිමා 11 වන පන්චෙන් ලාමා ලෙස හඳුනා ගත්තේය. දින කිහිපයකින්, චීන බලධාරීන් දරුවා සහ ඔහුගේ පවුල අත්අඩංගුවට ගත්හ. පසුව චීන අධිකාරීන් ගයාල්ට්සෙන් නෝර්බු නම් රජයේ අනුමැතිකරණය ලත් අපේක්ෂකයා පන්චෙන් ලාමා ලෙස පත් කළහ. එතැන් සිට, ගෙද්හුන් චෝකියි නිමා අතුරුදහන් වී සිටින අතර, ටිබෙට් අධ්‍යාත්මික ආයතන මත බීජිංහි දේශපාලනික මැදිහත්වීම සහ බලහත්කාරය පටවා තිබේ.
අඛණ්ඩ චීනකරණය සහ සංස්කෘතික ඛාදනය
මේ අතර ටිබෙට් බෞද්ධ ධර්මය වෙනුවට කොමියුනිස්ට්වාදය අදේශ කිරීමේ චීනයේ පුළුල් ව්‍යාපාරය හේතුවෙන් ලාරුං ගාර් සහ යාර්චෙන් ගාර් වැනි මහා විහාරස්ථාන විනාශ කිරීමට හෝ බලහත්කාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට ලක්ව ඇත. දහස් ගණන් භික්ෂූන් සහ භික්ෂුණියන් ශාසනයෙන් ඉවත් කර, “දේශප්‍රේමී නැවත අධ්‍යාපනය ” නම් බලහත්කාරයට යටත් කර සමීපව නිරීක්ෂණය කරමින් ඇත. ටිබෙත් යාච්ඤා කොඩි, දලයි ලාමාගේ රූප සහිත මැටි භාණ්ඩ සහ ළමයින් සඳහා ආගමික අධ්‍යාපනය ආදි සියල්ල දැන් දැඩි නිරීක්ෂණය යටතේ මර්දනය කර ඇත.
මානුෂික සහ නීතිමය ගැටලුව
මානව හිමිකම් සංවිධාන බීජිං පාලනයේ මෙම ක්‍රියා හෙළා දකිමින් ඇති අතර, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, රාජ්‍ය අනුමැතියකින් අනුප්‍රාප්තිකයන් පත්කිරීම සහ ආගමික සංකේත මත සීමාවන් පැනවීම “ආගමික නිදහසට සෘජු ප්‍රහාරයක්” ලෙස හඳුන්වා තිබේ. ඔවුන් තර්ක කරන්නේ අධ්‍යාත්මික නායකයන් තෝරාගැනීම ගැඹුරින් සිදුකරන ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායක් මිස කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති කාරණයක් නොවන බවයි.
සෑම බෞද්ධයෙකුම සතු වගකීම
මෙම ප්‍රශ්නය ටිබෙට් ජාතික අවශ්‍යතා ඉක්මවා යයි. එය අධ්‍යාත්මික අඛණ්ඩතාවයේ කාරණයකි. අධ්‍යාත්මික අධිකාරිය දේශපාලනික පෙලගැස්ම සඳහා බලහත්කාරයෙන් යටත් කළ විට, ආගමික සම්ප්‍රදායේ සම්පූර්ණ සාරය දූෂණය වේ. දලයි ලාමාගේ ඉදිරි අනුප්‍රාප්තිකත්වය විසින් තීරණය කරනු ලබන්නේ ටිබෙට් බෞද්ධ ධර්මය සැබෑ අධ්‍යාත්මික මාර්ගයක් ලෙස පවතින්නේද නැතහොත් රාජ්‍ය අදේශවාදයේ ප්‍රතිපලයක් වන්නේද යන්නයි.චීනය විසින් සිදුකරන්නේත් ඉදිරියට සිදුකරන්නට යන්නේත් එම ආධ්‍යාත්මික මාර්ග ප්‍රවේශය විනාශ කොට රාජ්‍ය ආදේශවාදය ස්ථාපිත කිරීමයි.
ද්විත්ව අනුප්‍රාප්තිකය හරහා මතුවිය හැකි ඉදිරි අර්බුදය
පවතින තත්වය හමුවේ නිරීක්ෂකයන් බියවී සිටින්නේ අනාගත බෙදීමක් හරහා සිදුවිය හැකි අර්බුදය සම්බන්ධයෙනි. මෙහිදී සිදුවිය හැක්කේ ගෝලීය ටිබෙට් බෞද්ධ ප්‍රජාව විසින් එක් දලයි ලාමා කෙනෙකු හදුනාගන්නා අතරේ , බීජිං විසින් තවත් දලයි ලාමාවරයෙකු ස්ථාපනය කිරීමයි. එවැනි බෙදීමක් ටිබෙට් එකමුතුකම බිඳ දමනු ඇති අතරම , අනුගාමිකයන් අතරමං කරනු ඇත. එමෙන්ම එහිදී දිගු කාලයක් ඒකීය අධ්‍යාත්මික පරම්පරාවක් ලෙස සිටි ආගමික ජනතාවක් දේශපාලන උපක්‍රමයේ මෙවලමකට යටත් කොට බිද දැමීම සිදුවනු ඇත.
ගෝලීය ප්‍රතිචාරය සහ ක්‍රියාකාරිත්වයට ඇරයුම
මේ පසුබිම තුළ ඉන්දියාව දලයි ලාමා විසින් ඔහුගේ අනුප්‍රාප්තිකයා නිර්ණය කිරීමේ පූර්ණ අයිතියට සහය ප්‍රකාශ කර ඇති අතර, යුරෝපීය සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය ටිබෙට් ආගමික නිදහස අනුමත කර ඒ සදහා මැදිහත්වීමෙන් වළකින ලෙස චීනයට අවධාරණය කර ඇත. මේ පසුබිම තුළ ගෙද්හුන් චෝකියි නිමාගේ අතුරුදහන් වීම විසඳීමට සහ පුනර්ජන්ම මත රාජ්‍ය බලපෑම නැවැත්වීමට ඉල්ලා සිටින ව්‍යාපාර ලොව පුරා ප්‍රබලත්වයට පත්වෙමින්
අනාගතය
මෙම මොහොත පැහැදිලි අධ්‍යාත්මික පැහැදිලිකමක් සහ ගෝලීය සහයෝගීතාවයක් ඉල්ලා සිටින අවස්ථාවක් බව පැහැදිළිය. ටිබෙට් බෞද්ධයන් සතු අනුප්‍රාප්තිකත්වයක් සඳහා වන අයිතිය සැලසීම යනු කේවල දේශපාලනික කටයුත්තක් නොව ආගමික සම්ප්‍රදායවල ස්වයාධිපත්‍යතාවය ආරක්ෂා කිරීමකි. දලයි ලාමාට තම නායකත්වය පිළබද ඇති ආගමික අයිතියට ගරු කළ යුතු අතර එය දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් විනාශ නොකළ යුතුය.
දලයි ලාමා සහ ටිබෙට් බුදුදහමේ අනාගතය දැවැන්ත අර්බුදයක

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart