
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය සමඟ කිසිදු යුද ගිවිසුමක් නොමැති බවත් ඉදිරියේදීද එවැනි යුද ගිවිසුම් ඇති නොවන බවදත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ France 24 වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.
එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රශ්නකරුවා විමසන්නේ චීනය ශ්‍රී ලංකාව ට සිදුකරමින් සිටින මිලිටරි මැදිහත්වීම් සම්බන්ධයෙන් ඇමරිකානු ජනමාධ්‍යවල යම් වාර්තා පළව තිබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස කුමක්දැයි කියාය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කළේ චීනය එවැනි ගිවිසුමකට එළැඹේ යැයි තමන් විශ්වාස නොකරන බවයි.
“චීන ජාතිකයන් වසර 1500 ක් පමණ එහි ශ්‍රී ලංකාවේ සිටින අතර මෙතෙක් හමුදා කඳවුරක් ඉදිකර නැහැ. හම්බන්තොට වරාය ගැන මතයක් තිබෙනවා. එය චයිනා මර්චන්ට් සමාගමට ලබාදී ඇතත් එහි ආරක්ෂාව ශ්‍රී ලංකා රජය විසින් පාලනය කරනු ලබනවා. අපේ එක බලසේනාවක් හම්බන්තොට සහ ඒ අවට ප්‍රදේශවල ස්ථානගත කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, චීන ජාතිකයන්ගේ මිලිටරි භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එම සමාගම කොළඹ වරායේ, දකුණු වරායේ පර්යන්තයක් ද පවත්වාගෙන යනවා. නිසා තමයි හැම රටකින්ම යුධ නැව් එන්නේ. කිසිවෙක් පර්යන්තය ගැන පැමිණිලි කරන්නේ නැහැ. අපි මධ්‍යස්ථ රටක්. නමුත් ඉන්දියාවට එරෙහි ඕනෑම තර්ජන සඳහා ශ්‍රී ලංකාව පදනමක් ලෙස යොදාගැනීමට ඉඩ දිය නොහැකි බව අපි අවධාරණය කරනවා.” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart