
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝගාතුරව සිටින භාතිය ඇතාට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අධීක්ෂණය යටතේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය ඊයේත්(11) ප්‍රතිකාර ලබා දී තිබේ.
මහාචාර්ය අශෝක දංගොල්ල ඊයේ හස්තියා පරීක්ෂා කළ අතර, කැල්සියම් ලබාදෙන ලෙස දැනුවත්කෙරිණි. පාදයක සිලම්බු අඩිය ගැලවීයෑම ඊට හේතුවයි. එයටද ප්‍රතිකාර සිදුවිය.
පෙරේදා රාත්‍රියේද හස්තියා හොදින් ආහාර ලබාගෙන තිබේ. කොළ වර්ගද මේ වන විට ආහාරයට ලබා දී ඇත.
හස්තියා නිදාසිටින ඇලය වෙනස්කිරීම ඉදිරි දිනයක සිදුකිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය උපකරණ කිහිපයක්ද ලැබී තිබේ.
මේ අතර තවත් ප්‍රදේශ කීපයක තුවාල ලබා සිටින අලි ඇතුන් කීපදෙනකුට මේ වන විට ප්‍රතිකාර ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කලා වැවේ යස ඇත් පැටවාට ඊයේ ප්‍රතිකාර කෙරිණි. එම ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරන්නේ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයයි.
මේ අතර කණ්ඩලම වැවේ රැඳී සිටින අලියාගේ පාදයද ඊයේ ස්කෑන් පරීක්ෂණයකට ලක්කර තිබුණේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයයි.
තවත් වෙඩිවැදීම් ඇතුළු විවිධ හේතූන් නිසා තුවාල ලැබූ අලි ඇතුන් කීපදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.
භාතිය, යස, කණ්ඩලම අලියා ඇතුලුව එම තුවාල ලැබූ අලි ඇතුන් සංඛ්‍යාවට 10කට ආසන්නය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart