July 9, 2025

ඊයේ රාත්‍රියේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ බව පොලිසිය පැවසීය.

මූලික විමර්ශනවලට අනුව, හඳුනානොගත් පුද්ගලයන් දෙදෙනකු තුවක්කුවක් භාවිත කර වෙඩිතැබීම සිදුකර ඇත.

සිද්ධියෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැති බවත්, වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් වහාම එම ස්ථානයෙන් පළාගොස් ඇති බවත් පොලිසිය තහවුරු කළේය.

වැඩිදුර පරීක්ෂණ දැනට සිදුවෙමින් පවතී.