
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව යාපනයේ මාමුනේ ප්රදේශයේ සිදුකළ සම්බන්ධීකරණ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්රෑම් 71 ග්රෑම් 400 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයේ වෙත්තලකර්නි නාවික ස්ථානගත කිරීමේ නාවික පිරිසක් විසින් මරුදන්කර්නි පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම සෝදිසි මෙහෙයුම දියත් කළ බව ශ්රී ලංකා නාවික හමුදාව පැවැසීය.
ඒ අනුව, සම්බන්ධීකරණ සෝදිසි මෙහෙයුමේදී ගමන් මලු 04 ක් සහ ගෝනි 01 ක් සොයාගැනීමට හැකි වූ අතර ඒවායේ කිලෝග්රෑම් 71 ග්රෑම් 400 ක් පමණ බරැති කේරළ ගංජා පුරවා තිබූ බව නාවික හමුදාව වැඩිදුරටත් පැවැසීය.
නාවික හමුදාව විසින් ප්රදේශයේ වෙරළබඩ නිරීක්ෂණ වැඩි කිරීම හේතුවෙන් ජාවාරම්කරුවන් කේරළ ගංජා තොගය අතහැර දමායන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මේ අතර, මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීදි වටිනාකම රුපියල් මිලියන 16 ඉක්මවන බව නාවික හමුදාව සඳහන් කළේය.
ඉදිරි නීතිමය කටයුතු සඳහා කේරළ ගංජා තොගය යාපනය මරුදන්කර්නි පොලිසියට භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart