
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන DP Aviation විසින් යාපනය දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් ජූලි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජූලි 01 වැනිදා රත්මලාන ගුවන් තොටුපළේ සිට යාපනය දක්වා ගමන් කරමින් DP Aviation සිය අභ්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරන බව ඇමැතිවරයා පවසයි.
ඉදිරියේදී තවත් දේශීය මාර්ග එකතු කිරීමට ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය DP Aviation සමඟ සමීපව කටයුතු කරන බවද ඔහු සඳහන් කර ඇත.
DP Aviation විසින් නිකුත් කරන ලද දැනුම්දීමකට අනුව, මගීන්ට විනාඩි 70 කින් යාපනයට පියාසර කළ හැකි අතර, එක් ගමනක් සඳහා රු. 22,000 ක් සහ ආපසු පැමිණීමේ ගාස්තුව රු. 41,500 කි.
සතියකට ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කරන බවත්, එක් මගියෙක්ට කිලෝග්‍රෑම් 07ක ගමන් මලු දීමනාවක් ලබා දෙන බවත්, DP Aviation වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart