
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ අපරාධ හා මිනීමැරුම් වැඩිවීමට හේතු වී ඇත්තේ එම පළාත් දෙකේ සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහ ස්ථානභාර නිලධාරීන්ගේ (OIC) අකාර්යක්ෂමතාව හේතුවෙන්යැයි පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් වෙත දන්වා ඇත.
මෙම අපරාධ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳ ඇමැතිවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේ පොලිස්පතිවරයා මෙසේ සඳහන් කර ඇත.
විශේෂත්වය වන්නේ, පොලිස්පතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ දකුණු පළාත සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස්. මැදවත්ත සහ දේශබන්දු තෙන්නකෝන් සහභාගිවූ විශේෂ සාකච්ඡාවකදී වීමයි.
එවැනි නිලධාරීන් වහාම ඉවත් කර සුදුසු නිලධාරීන් පත් කරන ලෙසත්, අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත්, ඇමැතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.
එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිවකුටත් අනවශ්‍ය බලපෑම් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ සම්බන්ධයෙන් තමාට ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සහතිකයක් ලැබී ඇති බවත්, ඇමැති ටිරාන් අලස් සඳහන් කර ඇත.
එමෙන්ම බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් කර නොමැති ගිනි අවි පොලිසිය වෙත භාරදීමට ජූලි 31 වැනිදා දක්වා පොදු සමා කාලයක් ලබා දෙන ලෙසද ඔහු පොලිසියට දන්වා ඇත.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart