
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ ඊයේ (16) දින කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිරි ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් සමාලෝචනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.
රට පුරා ප්‍රධාන පොදු ස්ථානවල පිරිසිදුකම සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම මෙන්ම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට උත්සාහ කිරීම ‘ක්ලීන් ශ්‍රී ලංකා හි’ මුලපිරීමේ කොටසක් වේ.
ජාතික සංවර්ධන ව්‍යාපෘති උදෙසා කැපවීම මෙන්ම ඉංජිනේරු ක්ෂේත්රයේ විශිෂ්ඨත්වය යන හේතූන් මත මෙම ප්‍රතිසංස්කරණ කාර්යය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරා ඇත.
කොළඹ කාර්යබහුලම පොදු ප්‍රවාහන ස්ථානයක් ලෙස මධ්‍යම බස් නැවතුම්පොළෙහි මගී පහසුකම් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් පුළුල් මුහුණුවරකට යොමුකිරීමට නියමිතය.
පරිශීලක-හිතකාමී සහ පාරිසරික ප්රමිතීන් කෙරෙහි දැඩි අවධානයක් යොමුකරමින්, මෙම ව්‍යාපෘතිය දෛනික මගීන්ට සහ සමස්තයක් වශයෙන් නගරයේ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ප්‍රවාහන සහ ආරක්ෂක යන අමාත්‍යාංශ අතර මෙම සහයෝගීව ක්රියාකිරිමේ උත්සාහය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් පිළිබිඹු කරන අතර, එය දැක්ම, විනය සහ ජාතික ප්‍රගතිය යනාදිය ඒකාබද්ධ කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ අධ්යක්ෂ ජීවක ප්‍රසන්න පුරසිංහ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart