
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රොයිටර් පුවත් සේවයට අනුව, පසුගිය මාර්තු මාසයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) ලබාදුන් ණය මුදලේ පළමු කොටසින් පසු ශ්‍රී ලංකාවට ලැබෙන විශාලතම අරමුදල් ප්‍රමාණය ලෙස ඩොලර් මිලියන 700ක් නිදහස් කිරීමට නියමිතය.
ලබන ජූනි 28 වැනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම මුදල් ප්‍රමාණය අනුමත කරනු ඇත.
ලෝක බැංකුවේ මූලාශ්‍රයක් අනාවරණය කර ඇති ආකාරයට, යෝජිත අරමුදල්වලින් ඩොලර් මිලියන 500ක් අයවැය ආධාර සඳහා ලබාදෙන අතර, එය ඩොලර් මිලියන 250 බැගින් කොටස් දෙකකින් නිදහස් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සහ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත IMF වැඩසටහනේ පළමු සමාලෝචනය ලෝක බැංකුව විසින් නිරීක්ෂණය කරන බැවින්, මෙම අරමුදලේ පළමු වාරිකය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් පසු 2023 ඔක්තෝබර් මාසයේ දී ලබාදීමට ඉඩ ඇති බව ලෝක බැංකු මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඉතිරි ඩොලර් මිලියන 200 දුප්පතුන්ට උපකාර කිරීමේ වැඩසටහන් සඳහා වෙන් කෙරෙනු ඇති බව වාර්තා වැඩිදුරටත් පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart