
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිකවැරටිය සහ අඹන්පොලට මායිම් වූ වනාන්තරවලවල වෙසෙන එකම ඇතා ලෙස සැළකෙන ‘භාතිය’ නමින් හැඳින්වෙන ඇතා බරපතළ ලෙස රෝගාතුර වීම හේතුවෙන් මහව වනජීවී පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී තිබේ.
වම් පාදයේ ආබාධයකින් පෙළෙන ඇතා පොල්පිතිගම වැව් රක්ෂිතයට ගොස් මඩ සහිත ජලයේ වැතිර සිටියදීම ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් සුවය ලබමින් සිටියේය.
වනජීවී නිලධාරීන් පැවසුවේ ඇතාට ප්‍රතිකාර ලබා දීමට සහ ජීවිතය බේරා ගැනීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදු වූ බවයි.
හස්තියා බරපතළ ලෙස රෝගාතුර වී ඇති බවත්, ඉදිරිපස වම් පාදය ඉදිමී ඇති බවත්, සත්වයාට ආහාර ලබාදීම අපහසු වූ බවත් ඔවුහු පෙන්වා දුන්හ.
භාතියට කෙළින් සිටීමට පවා නොහැකිව සිටි බව වනජීවී සහකාර ජයසුන්දර පැවසීය.
මහව ප්‍රාදේශීය ලේකම් බී.එම්.නදුන් ආර්. සම්පත් පැවසුවේ වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් භාතියගේ ජීවිතය බේරා ගැනීමට උපරිම උත්සාහයක් දරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart