
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව විශාලතම සිල්ලර වෙළෙන්දකු සහ ඊ-වාණිජ්‍ය සමාගම්වලින් එකක් වන අලිබබා, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හට, ඔවුන්ගේ වෙළඳාම පුළුල්කර නව විදේශීය වෙළඳපොළවල් වෙත පිවිසීම පිළිබඳව උපදෙස් ලබාදීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට, ඔවුන්ගේ ගෝලීය පියසටහන පුළුල් කර නව විදේශීය වෙළඳපොළවල් වෙත පිවිසීමට උපකාර කිරීම වෙනුවෙන් Alibaba.com හි ඉහළ මට්ටමේ විධායක නිලධාරියකු සහභාගී වන විශේෂ සැසියක් මැයි 29 වැනි දින පවත්වන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
මෙම සැසිය පවත්වනු ලබන්නේ, සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින වෙළඳපොළවල් හරහා රටවල් 30 කට අධික සංඛ්‍යාවකට අලෙවි කිරීමට උපකාර කරමින්, ඊ-වාණිජ්‍යය හරහා ගෝලීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් දහස් ගණනකට සහාය වී ඇති Alibaba.com හි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු මා හාඕබෝ විසිනි.
කොළඹට සිදුකරන ඔහුගේ සංචාරයේදී, අපනයන ක්‍රියාවලීන් සරල කරන සහ විකුණුම්කරුවන් අන්තර්ජාතික ගැනුම්කරුවන්ට සෘජුවම සම්බන්ධ කරන කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ මෙවලම් භාවිතය ඇතුළුව, අලිබබා හි ගෝලීය වේදිකාව උපයෝගී කරගැනීම සඳහා ශ්‍රී ලාංකික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ප්‍රායෝගික උපායමාර්ග භාවිතය පැහැදිලි කරදෙනු ඇත.
මෙම වැඩසටහන ලොව ප්රමුඛ ඩිජිටල් වෙළඳ පද්ධති සමඟ දේශීය ව්‍යවසායන් සම්බන්ධ කිරීමට ලංකා වාණිජ මණ්ඩලය දරන පුළුල් උත්සාහයන්ගේ කොටසකි.
එය පසුදා පැවැත්වෙන ඉහළ මට්ටමේ ශ්‍රී ලංකා-චීන වෙළඳ හා ආයෝජන සංසදයට සමගාමීව පැවැත්වෙන අතර, එයට චීනයේ වාණිජ අමාත්‍ය ගරු වැන්ග් වෙන්ටාඕ සහ සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන චීන ව්‍යාපාරික නියෝජිතයන් 100 කට අධික පිරිසක් සහභාගී වනු ඇත.
මෙම උත්සවයට ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-චීන ව්‍යාපාරික කවුන්සිලය සහ යන්ත්‍රෝපකරණ සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය හා අපනයනය සඳහා වන චීන වාණිජ මණ්ඩලය විසින් සත්කාරකත්වය දරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart