May 27, 2025

ව්‍යාජ ලියකියවිලි සමඟ ඇල්බේනියා දේශසීමාව හරහා යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට

ව්‍යාජ ලියකියවිලි සමඟ කාෆේ තානා දේශසීමාව හරහා යාමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඇල්බේනියාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ ජනමාධ්‍ය වාර්තාවලට අනුව, ඉතාලියේ නිකුත්කරන ලද බලපත්‍ර ඔවුන් සතුව තිබූ අතර ඒවා ව්‍යාජ ලෙස සකස් කළ බවට සැකකරයි.

එහිදි වයස අවුරුදු 36, 51 සහ 57 පසුවන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ඇල්බේනියානු පොලිසිය පවසයි.

හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර සහ වීසා ව්‍යාජ ලෙස සකස්කිරීම යන අපරාධ වරද යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ලේඛන පොලිසිය භාරයට ගෙන තිබේ.