
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සාමාජික මන්ත්‍රීවරු රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූහ.
කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ උපදෙස් පරිදි පසුගියදා (22) මෙම නිරීක්ෂණ චාරිකාව සිදු වූ අතර මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර, සුසන්ත කමාර නවරත්න සහ (වෛද්‍ය) ජනක සේනාරත්න යන පිරිස සහභාගී වූහ.
පසුගිය (09) වැනිදා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (COPA) කැඳවූ අවස්ථාවේදී, දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් 63ක් සහ බලවේග කට්ටල 40ක් අවුරුදු 01 සිට අවුරුදු 08කට ආසන්න කාලයක් රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල පරිශ්‍රයේ හා දුම්රිය නැවතුම්පළ වල නවතා ඇති බව සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත්‍ර හා යන්ත්රාගාර ඌන උපයෝජනයක් සහිත බව නිරීක්ෂණය වූ අතර, මේ සම්බන්ධයෙන් පරීක්ෂාකර බැලීමට මන්ත්‍රීවරු මෙම නිරීක්ෂණ චාරිකාව සිදුකළහ.
මෙහිදී රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත පෙරේරා සහ නියෝජ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු නිලූපා ඒකනායක වැඩ බිමේ ඒ ඒ ස්ථාන සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළ අතර, අදාළ වැඩ බිම්වල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය ද එම නිලධාරීහු ගරු මන්ත්‍රීවරුන්ට පෙන්වාදුන්හ.
වැඩ බිම පරීක්ෂා කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් පෙන්වාදුන්නේ, ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වී ඇති බවයි.
එසේම ඇතැම් යන්ත්‍රෝපකරණ අවශ්‍ය කරන පාරිසරික තත්ත්වයන් තුළ ස්ථාපිත නොවී ඇති බවක් නිරීක්ෂණය වන බව පෙන්වාදුන් මන්ත්‍රීවරු, ප්‍රමාණය ඉක්මවමින් ඇතැම් උපකරණ මිලදීගෙන ඇති බවද පෙන්වාදුන්හ.
එසේම නිරීක්ෂණ චාරිකාව මගින් හඳුනාගත් සියලු කරුණු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ ප්‍රවාහනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ද මන්ත්‍රීවරු පැවසූහ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart