May 26, 2025

යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරියකුගේ මෝටර් රථය ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් ඔහු අද (26) මියගොස් ඇති බව වාර්තා විය.

අද අලුයම 4.45ට පමණ වවුනියාවේ ඕමන්තෙයි ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර, 52 හැවිරිදි එම නිලධාරියා මියගොස් ඔහුගේ බිරිඳ, පුතා සහ මාමණ්ඩිය ද අනතුරින් බරපතල තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි.

රිය පැදවීමේදී නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට සැකකෙරෙන අතර, මේ පිළිබඳව ඕමන්තෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.