
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තවත් දෙදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ නැවත විභාගයට ගැනිණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ නීතිවිරෝධී ලෙස සමුපකාර තොග වෙළඳ ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර ගැනීමෙන් මෙම තිදෙනා රජයට මූල්‍යමය පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ විභාගය පැවති අතර, එහිදී සාක්ෂි සටහන් කරගන්නා ලදී.
මෙයින් පසු, මහාධිකරණ විනිසුරුවරයා නඩුව වැඩිදුර විභාගය සඳහා කල්තැබීය.
2010 සිට 2014 දක්වා කාලය තුළ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී, ලංකා සතොස සේවකයන් 153 දෙනකු දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 40ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලංකා සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ලංකා සතොස හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ මොහොමඩ් ෂකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart