
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1930 සහ 1940 ගණන්වල හොලිවුඩ් තරුවක් වූ මර්ල් ඔබෙරොන්, ‘ද ඩාර්ක් ඒන්ජල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ පළමු ආසියානු නිළිය බවට පත් වූ අතර, ඇය හොලිවුඩය හඳුනාගෙන ඇත්තේ ඉන්දියානු සම්භවයක් ඇති නිළියක් ලෙසිනි.
ඇයව සැමවිටම විස්තර කරනු ලැබුවේ දකුණු ආසියානු සම්භවයක් ඇති නිළියක් ලෙසිනි.
“බොම්බායේ දරිද්‍රතාවයේ උපත ලබා, කල්කටාවේ හැදීවැඩුණු අතර, නව නමක් සහ පසුබිම් කතාවක් සමඟ එංගලන්තය හරහා හොලිවුඩයට පැමිණියාය.” යැයි ඇය සම්බන්ධයෙන් හොලිවුඩයේ කියැවේ.
ඇයගේ රංගන ජීවිතයේ කැපීපෙනෙන සන්ධිස්ථානය වූයේ The Private Life of Henry VII (1933) චිත්‍රපටවල චරිතයයි. ඇය වදරින් හයිට්ස් (1939) සහ දට් අන්සර්ටයින් ෆීලිං (1941), අ සොන්ග් ටු රිමෙම්බර් (1945), බර්ලින් එක්ස්ප්‍රස් (1948) සහ ඩෙසිරී (1954) යන චිත්‍රපටවල ද රඟපෑවාය.
කෙසේවෙතත්, ‘ඇගේ වෘත්තීය ජීවිතය අවසන් කළ හැකි රහසක් සහිත හොලිවුඩ් තරුවක්’ යන මාතෘකාවෙන් යුත් මෑත කාලීන නිව් යෝර්ක් ටයිම්ස් ලිපියක් ඔස්සේ, ශ්‍රී ලංකාව සමඟ ඇයගේ සම්බන්ධතාවයක් පිළිබඳව හෙළිකර ඇත.
මර්ල්ගේ මව වන කොන්ස්ටන්ස් සෙල්බි ශ්‍රී ලංකාවේ උපත ලැබූ බව එම ලිපියේ සඳහන් වේ. 1911 දී ඇය මර්ල් බිහිකරන විට ඇයට වයස අවුරුදු 14 යි.
මර්ල් කිහිප වතාවක්ම විවාහ වූ අතර ඇය 1979 දී වයස අවුරුදු 68 දී කැලිෆෝනියාවේ මැලිබුහිදී මරණයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart