
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් ආණ්ඩුව සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර ආපසු හැරවීමට කිසිවකුට කිසිවිටෙක ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (25) පැවැති හමුවකට එක්වෙමිනි.
අලුතින් දේශපාලනයට සම්බන්ධවන පිරිසට පළාත් පාලන ආයතනවල දොර විවෘත කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළ බවත්, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ 3,926ක් වන මන්ත්‍රීවරුන් අතරින් රට බාර ගන්නා නායකයෙක් බිහිවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
ගැසට් කළ විගසම පළාත් පාලන ආයතන 152ක බලය තහවුරු කිරීමේ හැකියාව තිබෙන බවත්, තවත් සභා 115ක බලයද පිහිටුවන බව කී ජනාධිපතිවරයා, ජාතික ජන බලවේගයට තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව සිටින බව ද කීය.
පළාත් පාලන මැතිවරණයේ ජන වරමේ බලය තිබෙනුයේ ජාතික ජන බලවේගය සතුව බවත්, ජාතික ජන බලවේගයට එරෙහිව කටයුතු කරන සුන්බුන් ගොඩට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජනවරමක් ලැබී නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart