May 25, 2025

රටවල් 20කට වැඩි ගණනකින් මාසයක් තුළ කොරෝනා ආසාදිත මරණ 4,500ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ කොවිඩ් රෝගයෙන් ඇති විය හැකි අවදානම පිළිබඳ අහිතකර තත්ත්වයන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ සඳහා සූදානම තීව්‍ර කර ඇති අතර සියලු පූර්වාරක්ෂාවන් ගෙන ඇති බවට ඔහු ප්‍සහතික වී තිබේ.

“මහජනතාවට ඇති සමස්ත අවදානම තවමත් අඩුයි,” යනුවෙන් ඔහු පෙන්වා දී ඇත.

අවදානමට ලක්විය හැකි වැඩිහිටියන්, ළමුන්, රෝගීන් වැනි අය ඇතුළු ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වෙබ් අඩවියේ හෝ සමාජ මාධ්‍යවල කොරෝනා වයිරස් රෝග නිරීක්ෂණ වාර්තා හෝ යාවත්කාලීන කිරීම් නොමැත.

හොංකොං සහ සිංගප්පූරුව එන්නත් නිර්දේශ කර ඒවා ලබා ගැනීමට අවස්ථාව දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම නිරීක්ෂණ වාර්තාවෙන් 2024 දෙසැම්බර් 9 සිට 2025 ජනවාරි 5 දක්වා දින 28 හා සසඳන විට කොරෝනා වයිරසයෙන් මරණ 4,500ක් වැඩි වී ඇති බව පෙන්නුම් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වයිරස් පිළිබඳ දත්ත යාවත්කාලීන කිරීමේදී, රටවල් 23ක මරණ වාර්තා වී ඇති බව පෙනීගොස් ඇත.

වසර පහකට පෙර චීනයේ වුහාන් හි ප්‍රථම වරට මතු වූ කොරෝනා වයිරස් රෝගය සමූහ මරණ සහ ආර්ථික විනාශයකට හේතු විය.

ලොව පුරා මිලියන 760කට වැඩි පිරිසක් ආසාදනය වූ අතර මිලියන 6.9ක් මිය ගියහ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී, ලෝක බැංකු සමූහය විසින් සත්කාරකත්වය සපයන බහුපාර්ශ්වික මූල්‍යකරණ යාන්ත්‍රණයක් වන වසංගත අරමුදලෙන් වසංගත සූදානම සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 18ක තුන් අවුරුදු ප්‍රදානයක් ලැබිණි.

දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණිකයන් ලෙස සේවය කරන දකුණු කොරියාවේ, කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ ඒජන්සිය සඳුදා වාර්තා කළේ, මැයි 4 සිට මැයි 10 දක්වා කාලය තුළ පුද්ගලයන් 146 දෙනෙකු කොරෝනා වයිරස් රෝගය සඳහා රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.

පසුගිය සති අට තුළ 100 ත් 200 ත් අතර සංඛ්‍යාවක් වෛරසය හේතුවෙන් රෝහල්වලට ඇතුළත් කර ඇත.

සිංගප්පූරුවෙන් 2024 දී කොරෝනා වයිරස් රෝගයට සම්බන්ධ මරණ 83ක් වාර්තා කර තිබේ.

තායිලන්තයේ, මැයි 21 වන විට පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් ඇත.

එරට රෝග පාලන දෙපාර්තමේන්තුව මැයි 11 සිට 17 දක්වා නව රෝගීන් 49,065ක් සහ මැයි 18 සිට 21 දක්වා නව රෝගීන් 12,524ක් වාර්තා කර ඇත.

චීනයේ, මැයි මාසයේදී මේ දක්වා, 164 දෙනෙකු මිය ගොස් ඇත.

එක්සත් ජනපදයේ, රෝග පාලන මධ්‍යස්ථාන වාර්තා කරන්නේ මැයි 13 වන විට, හවායි සහ නෙවාඩා ප්‍රාන්ත දෙකේ ආසාදන වර්ධනය වීමට ඉඩක් ඇති බවයි.

ජනවාරි 25 සිට අප්‍රේල් 25 දක්වා, ශ්‍රී ලාංකිකයන් 21,000කට ආසන්න සංඛ්‍යාවක් සිංගප්පූරුවට ගොස් ඇති අතර, සාමාන්‍යයෙන් දින හතරක් ගත කර ඇති බව සිංගප්පූරුවේ දත්ත පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකිකයෝ 30,000ක් පමණ දකුණු කොරියාවේ සේවය කරති.