May 25, 2025

සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනකු ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රත්තොට සජබ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රංජිත් අළුවිහාරේ පවසයි.

ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායකවරයා වන රංජිත් අළුවිහාරේ යන තිදෙනා සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බව හෙතෙම සඳහන් කරයි.

දිගින් දිගටම පක්ෂය මගින් සිදුකරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බව රංජිත් අළුවිහාරේ වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද සිය සජබ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න ද පළාත් පාලන ආයතනවලට නව නියෝජිතයන් තෝරාගැනීමේදී සමගි ජන බලවේගයේ නායකත්වය සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් ගැන කනස්සල්ල පළකර ඇත.