
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ලබාදෙන සුභසාධන කටයුතු වඩාත් පුළුල් හා විධිමත්ව සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ උපදෙස් මත දිවයිනේ සෑම හමුදා කඳවුරකම රණවිරු සම්බන්ධීකරණ අංශයක් පිහිටුවීමට කටයුතු කර ඇත.
දිවයින පුරා පිහිටි සෑම යුද්ධ හමුදා කඳවුරකම එහි අණදෙන නිලධාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ මෙම රණවිරු සම්බන්ධීකරණ අංශ පිහිටුවා ඇති අතර, එය 2025 මැයි මස 26 වැනි දින සිට ක්‍රියාත්මකය.
ඒ අනුව යුද්ධ හමුදාවේ විශ්‍රාමික, අබාධිත සහ මියගිය රණවිරුවන් සබැඳි වැටුප් විෂමතා, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් සුභසාධන ගැටලු අදාළ යුද්ධ හමුදා සාමාජිකයා පදිංචි ස්ථානයට ආසන්නතම යුද්ධ හමුදා කඳවුරේ රණවිරු සම්බන්ධීකරණ අංශයට යොමුකල හැකිය.
අදාළ රණවිරු සම්බන්ධීකරණ අංශය විසින් එම ගැටළු යුද්ධ හමුදා මූලස්ථානය සහ අනෙකුත් ආයතන වෙත යොමුකර වඩාත් කඩිනමින් එම ගැටලු විසඳීමට කටයුතු කරනු ඇත.
විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හට තම ගැටළු හමුදා මූලස්ථානය සහ ඔවුන් අයත් රෙජිමේන්තුව වෙත පැමිණ ඉදිරිපත් කිරීමේදී ඇති වන ප්‍රායෝගික අපහසුතාවයන් සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart