
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 වසරේ දී කුලී හේවායන් ලෙස රුසියාවට පිටත්ව ගිය ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් 120 දෙනෙකු පමණ මාස ගණනාවක් තිස්සේ තම පවුල් සමඟ සම්බන්ධ වී නොමැති බව වාර්තා වේ.
ඉන් 60 දෙනෙකු පිළිබඳ වසරකට වැඩි කාලයක් තිස්සේ තොරතුරක් ලැබී නැත.
පවුල්වල සිටි පිරිමින් රුසියාවට යැවීම සඳහා විශාල වශයෙන් ණයට ගැනීම නිසා ඔවුන්ගේ පවුල් දැන් දැඩි ලෙස ණයගැති වී තිබේ.
එම පවුල්වල භාර්යාවන්ට තවදුරටත් තම ස්වාමිපුරුෂයන්ගේ වැටුප් නොලැබෙන අතර ඔවුන් පිළිබඳ සාක්ෂි පවා නොමැති වී තිබේ.
මරණ සහතික නොමැතිව, ඔවුන්ට වැන්දඹු ප්රතිලාභ සඳහා ඉල්ලුම් කළ නොහැක.
අතුරුදහන් වූවන් අතර බණ්ඩාරවෙල සිට පැමිණි තිදරු පියෙකු වන 48 හැවිරිදි ප්‍රේමසිරි අබේකෝන් ද සිටී.
ඔහු අවසන් වරට නිවසට දුරකථනයෙන් කතා කර ඇත්තේ 2024 මාර්තු 13 වැනි දිනය.
දෙවැනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයකු ලෙස ඔහු අභාවප්‍රාප්ත විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ පෞද්ගලික ආරක්ෂාවට සම්බන්ධ වී සිටි අයෙකි.
ප්‍රේමසිරි වසර 22කට පසු 2018 දී හමුදාවෙන් විශ්‍රාම ගත් අතර පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය කරමින් සිටියදී, රුසියාවේ සේවය සඳහා ගොස් ඇත.
ඔහුගේ 45 හැවිරිදි බිරිඳ වන ලක්ෂිකා තරංගනී පවසන්නේ ඒ සඳහා තැරැව්කරුවන් දිනකට බොහෝ වාරයක් සිය සැමියාට කතා කර, මෙම අවස්ථාව ලබා ගැනීමට දිරිමත් කළ බවයි.
“ඔවුන් රුසියාවේ අනෙකුත් ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් කමින්, බොමින් සහ හොඳ වැටුප් උපයමින් හොඳින් ඉන්නවා කියලා වීඩියෝ රාශියක් අපට එව්වා. අවසානයේ අපට රුසියානු පුරවැසිභාවය පවා පොරොන්දු වුණා.” යැයි ඇය පවසන්නීය.
ඒ අනුව ප්‍රේමසිරි පිටත්කර යැවීම සඳහා තමන් සතු දේපළ උකස් කර ලක්ෂිකාගේ මව සහ සහෝදරියට අයත් රන් ආභරණ ද උකස් කර තැරැව්කරුවන්ට රුපියල් මිලියන 1.2ක් ලබා දී ඇත.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඔහු රුසියාව බලා පිටත්ව ගොස් ඇත්තේ සංචාරක වීසා මතය.
“ගුවන් තොටුපළට යන අතරමගදී, මොස්කව් ගුවන් තොටුපළ හරහා ගැටලු නොමැතිව ගමන් කිරීම සහතික කර ගන්න අපි තවත් රු. 500,000ක් ඔවුන්ගේ ගිණුමට බැර කළා,” යැයි ලක්ෂිකා පැවසුවාය.
පළමු සති කිහිපය තුළ, ඔහු සමග ගිය කණ්ඩායම හෝටලයක නැවතී සිට තිබේ.
පෙබරවාරි 18 වන දින ප්‍රේමසිරිගේ උපන්දිනය සැමරූ අයුරුද ඔහු පවුලේ අයට වීඩියෝ ඇමතුමක් ලබාදෙමින් පෙන්වා තිබිණි.
2024 මාර්තු 13 වැනි දින, ප්‍රේමසිරි නිවසට දුරකථනයෙන් කතා කර පවසා ඇත්තේ පුහුණුව සඳහා රැගෙන යෑමට බස් රථයට නගින බවයි.
එතැන් සිට ඔහුගෙන් ආරංචියක් ලැබී නැත.
එකම ආදායම් උපයන්නා වන ප්‍රේමසිරි රුසියාවට ගිය දා සිට පවුලට කිසිදු මුදලක් ලැබී නැත.
“ඒ අන්තිම දවසේ ඔහු කිව්වා ඔහුට රු. 900,000ක් ලැබුණා, නමුත් එය මට මාරු කිරීමට ක්‍රමයක් නැහැ කියලා,” ඔහුගේ බිරිඳ පැවසුවාය.
ඇය පවසන්නේ දැන් සිය පවුල ණය බරින් මිරිකී සිටින බවයි.
හිටපු සොල්දාදුවෙක් වන 45 හැවිරිදි එස්. ඩබ්ලිව්. ජයතිලක රුසියාවේ ශ්‍රී ලාංකික කුලී හේවායන්ගේ පවුල් සංගමයක ප්‍රධානියා වේ.
ඔහුගේ වැඩිමහල් සහෝදරයා ද වසරක් සහ මාස තුනකින් නිවසට කතා කර නැත.
පසුගිය මාසයේ ජයතිලක අගමැතිනි හරිනි අමරසූරිය හමුවූ අතර, ඇය අදාළ ආයතනවලට දැනුම් දී විසඳුම් සමඟ සංගමයට ප්‍රතිචාර දක්වන බවට සහතික වී තිබේ.
රජයට ඇති එක් අභියෝගයක් වන්නේ සමහර ශ්‍රී ලාංකික කුලී හේවායන්ට පොරොන්දු වූ වැටුප් ලැබී ඔවුන්ගේ පවුල්වලට එම මුදලින් කොටස් පවා ප්‍රේෂණය කර තිබීමයි.
තුවාල ලැබූ සමහරුන්ට වන්දි ගෙවන ලද අතර අනෙක් අයට වන්දි ලබා දී නොමැත.
වසරක ගිවිසුමේ කල් ඉකුත් වූ පසු තවත් බොහෝ දෙනෙක් මොස්කව්හි රැඳී සිටින්නේ ආපසු පැමිණීමේ අපේක්ෂාවෙනි.
ශ්‍රී ලංකා රජය පවසන්නේ මරණ 59ක් පිළිබඳ තොරතුරු ඔවුන් සතුව ඇති බවයි.
අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පවුල් 25ක් විසින් DNA සාම්පල යවා ඇතත් ඒ පිළිබඳ වෙනත් තොරතුරක් ලැබී නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart