
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්(INTERPOL) හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පළාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකිකයන් 07දෙනකු සිටින බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව, 38 හැවිරිදි ද සොයිසා ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජී, නඩරාජා සිවරාජා (49), මුනිසාමි තර්මසීලන් (50) සහ වික්නරාසා සෙල්වන්තන් (35) ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන පුද්ගලයන් වේ.
මෙම 07දෙනාගෙන්, ශ්‍රී ලාංකිකයන් හතරදෙනකු ශ්‍රී ලංකාවට ‘අවශ්‍ය තැනැත්තන්” ලෙස ලැයිස්තුගත කර ඇති අතර, අනෙක් ශ්‍රී ලාංකික පලාගිය තිදෙනාට රතු නිවේදන නිකුත් කර ඇත්තේ ඔවුන් තම ප්‍රදේශවල සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විදේශ රටවල් විසින් කරන ලද ඉල්ලීම් මතය.
රතු නිවේදනයක් යනු පිටුවහල් කිරීමට, යටත්වීමට හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව සිටින පුද්ගලයකු සොයාගැනීමට සහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීමට ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් කරන ඉල්ලීමකි.
මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීට සහ දිවංගත අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට රතු නිවේදන නිකුත් කර ඇත.
තර්මසීලන් අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින අතර සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ.
මේ අතර වවුනියාවේ කුමාරසාමි නවනීතාන (52) නැමැත්තා ශ්‍රී ලාංකිකයන් තිදෙනකුගේ මිනීමැරුමක් සම්බන්ධයෙන් රුමේනියාවට අවශ්‍යව සිටින අතර, ඇලබොඩගම පදිංචි මොහොමඩ් පව්මි (61) ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඉන්දියාවට සහ යාපනයේ මානික්කවාසගර් විජයරාජා (41) ඝාතනයක් සම්බන්ධයෙන් කැනඩාවට අවශ්‍යව සිටියි.
(dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart