
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැරණියගල, උඩමාලිබොඩ ඡන්ද මධ්‍යස්ථානයක් අසලදී පුද්ගලයන් තිදෙනකුට ආයුධයකින් ඇන තුවාල කළැයි දැරණියගල පොලීසිය අත්ඩංගුවට ගත් එම ප්‍රදේශයේම ආරණ්‍යය සේනාසනයක චීවරධාරියකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න අමරසූරිය ඊයේ (07) නියෝග කළේය.
පළාත් පාලන මැතිවරණය පැවති පෙරේදා (06) උඩමාලිබොඩ ඡන්ද මධ්‍යස්ථානය අසල දී මෙම සැකකාර චීවරධාරියා දැරණියගල ප්‍රාදේශීය සභාවට තරග කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු වන රංජිත් කුරුප්පු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනකුට තියුණු ආයුධයකින් ඇන තුවාල කර ඇතැයි දැරණිගල පොලීසිය අධිකරණයට දැනුම්දුන්නේය.
මේ වන විට තුවාලකරුවන් දැරණියගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මැතිවරණය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් දුරදිගගොස් මෙම සිද්ධිය සිදුව ඇතැයි ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කරමින් සිද්ධියට අදාළ නඩුව ලබන 22 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart