
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන කිසිදු දේශපාලන නායකයෙකුට හෝ පක්ෂයකට ඡන්දය නොදෙන ලෙස ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2025 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් 2018 සිට සිදු වූ දේශපාලන පරිවර්තනය මනාව පිළිබිඹු වන බවයි.
මැතිවරණ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට උත්සාහ කරන දේශපාලන පක්ෂ, දේශපාලන වේදිකාවෙන් විසිවී යාමට පටන් ගෙන ඇති බව ද ඔහු පෙන්වා දුන් මංජුල ගජනායක පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පසුගිය රජය පළාත් පාලන මැතිවරණය කල්දැමීමට උත්සාහ කළ බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණයේ දී දුර්වල වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කල්දැමීමේ උත්සාහයට ලද හොඳම පාඩම මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ඉගෙනගත හැකි බව ද ඔහු පැවසුවේය.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ජනතාව තුළ ප්‍රසාදය දිනාගැනීමට සමත්වීම පිළිබඳ ප්‍රශංසාව පළ කළ මංජුල ගජනායක, උතුර නැගෙනහිර ප්‍රතිඵලය මගින් පෙන්නුම් කෙරෙන්නේ, දෙමළ දේශපාලන පක්ෂ සහ දේශපාලඥයින් ඔවුන්ගේ නැතිවී ගිය කීර්තිනාමය නැවත ලබාගැනීමට සමත් වී ඇති බව යැයි ද පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart