
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවට කෙසෙල් රැගෙන ගිය ගුවන් මගියකුට එරට රේගුව ඕස්ට්‍රේලියානු ඩොලර් 5,500 ක(ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක් පමණ) දඩයක් නියම කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ දේශසීමා පාලන නීති උල්ලංඝනය කරමින් මෙම ශ්‍රී ලාංකිකයා සිය ගමන් මල්ලේ කෙසෙල්, පිටි සහ ශාක කැබලි සඟවාගෙන ගොස් ඇත.
ඕස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ දේශසීමා පාලන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට ඩොලර් 5500ක උපරිම දඩයක් පැනවීමේ හැකියාව පවතී.
පසුගිය මැයි 16 වන දින සිඩ්නි ගුවන් තොටුපළේදී මෙම දඩ ගැසීම සිදුකර ඇත.
එදිනම පිලිපීනයේ සිට බ්‍රිස්බේන් වෙත පැමිණි මගියකු මැකඩමියා පැල, කපු ඇට සහ අඹ රැගෙන යමින් සිටියදී හසුව තිබේ.
කෘෂිකර්ම, ධීවර හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මෙම ශාක කොටස් හරහා රටට රෝග ගණනාවක් රැගෙන යා හැකි බවයි.
බැක්ටීරියා රෝග පැතිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ගොවීන් අසීරුවට පත්ව සිටින අතර දැනට වාර්තාවී ඇති වගා හානිය ඩොලර් බිලියන 11කට වඩා වැඩි බවට ගණන් බලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart