May 6, 2025

බුදුන් වහන්සේගේ ධාතූන් සමග හමුවූ මැණික් තොගයක් විකිණිමට ‘හොංකොං හී සොතෙබිස්’ ගෙන ති තීරණයට විරෝධය පළකරමින් ඉන්දියාව ලිපියක් යොමුකර ඇත.

බුදුන් වහන්සේ සිය මුල් කාලය ගතකළ කපිලවස්තු පුරාණ නගරය ලෙස සැළකෙන පිප්‍රහ්වා ස්ථූපයෙන් කැණීම් කිරීමේදී ධාතු සමග හමුවූ මෙම මැණික් ගැඹුරු ඓතිහාසික හා අධ්‍යාත්මික වැදගත්කමක් දරන බැවින් ඒවා නැවත ඉන්දියාවට භාරදෙන ලෙස අදාල ලිපියේ සඳහන් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් හෙට (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන පරිදි මෙම වෙන්දේසිය සිදුවන්නේ එක්සත් රාජධානියේ සහ වෙනත් බෞද්ධ කණ්ඩායම්වල විරෝධය සහ හෙළාදැකීමේ විරෝධතා මධ්‍යයේය.

මෙම කෞතුක වස්තු අතර බුදුන් වහන්සේගේ දේහය අසල මුලින් තැන්පත් කරන ලද මැණික් ගල් ද අඩංගු වේ.

බුදුන් වහන්සේගේ ශාක්‍ය පවුලට හිමිව, ඔවුන් විසින් මෙම ධාතු තබා තිබූ ස්තූපයේ කැණීම් අධීක්ෂණය කළ බ්‍රිතාන්‍ය ඉඩම් හිමියාගේ පරම්පරාවෙන් පැවත එන විලියම් ක්ලැක්ස්ටන් පෙපේ පවුලට මේ වන තෙක් මෙම ධාතු අයත් වී තිබී ඇත.

කැණීම්වලදී හමුවූ අනෙකුත් මැණික් කොල්කටාවේ ඉන්දියානු කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර, දැනට විකිණීමට ඇති ඒවා විවිධ අන්තර්ජාතික කෞතුකාගාරවලට ණයට දී තිබේ.

මෙම ධාතු වෙන්දේසි කරන සොතෙබිහි හොංකොං කාර්යාලය වෙන්දේසි නාමාවලියෙහි සඳහන් කරන්නේ මෙම ධාතු මුල් ධාතු බඳුනේ තිබූ මැණික් හා ආභරණවලට පමණක් සීමා වී ඇති බවත් බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු අඩංගු නොවන බවත්ය.

මෙම ධාතු තැන්පත් කර තිබු පිප්‍රහ්වා නමින් හඳුන්වන ස්ථූපය සොයාගැනීම බෞද්ධ පුරාවිද්‍යාව සඳහා ඉතා වැදගත් වේ.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ බුදුන්ගේ දේහය ආදාහනය කිරීමෙන් පසු ලද සර්වඥ ධාතු ඉන්දියානු ප්‍රධාන මධ්‍යස්ථාන දහයක් අතර බෙදා ඇති බවයි.

ස්ථූපයේ ධාතු බඳුනෙහි ධාතුවල සත්‍යතාව සනාථ කරන සෙල්ලිපියක් තිබූ අතර ඒවා බුදුන්ගේම වංශය වන ශාක්‍යයන් විසින් තැන්පත් කර ඇති බව සඳහන් කර ඇත.

එමනිසා, මැණික් යනු බුදුන්ගේ ධාතුවලට ශාක්‍යයන් කරන ලද පූජාවකි.

කෙසේවෙතත් ඉදිරියේදී සිදුවන වෙන්දේසිය බොහෝ ගැටලු මතු කරනු ඇත.

බුදුන් වහන්සේට පූජාවක් ලෙස පිරිනැමූ මැණික් ආකර්ෂණීය වස්තූන් ලෙස සැළකිව නොහැකිවීම ඊට හේතුවයි.

බෞද්ධ අර්ථයෙන් ගත්කල, ඒවා භක්තිමත් වස්තූන් වේ.

ඒවා අධ්‍යාත්මික පිළිවෙත් මගින් පෙළඹවූ පූජාවක් වන අතර බුදුන් වහන්සේගේ භූමික දේහයට සමීප වීමෙන් විශුද්ධ කරන ලද පූජාවකි.

වෙන්දේසිය හෙළාදැකීමට විවිධ බෞද්ධ හඬවල් මතු වී තිබේ.

බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමය පවසන්නේ “ඉන්දියානු ඉතිහාසයේ විපර්යාසයන් නොතිබුණේ නම්, එවැනි භාණ්ඩ දැන් විකිණීමට ඉදිරිපත් නොකෙරේ; ඒ වෙනුවට, ඒවා තවමත් බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු සමඟ සංරක්ෂණය කර ඇත. අන් අයගේ දේපළ නොගන්නා ලෙස ධර්මය අපට උගන්වයි. මෙම වස්තූන් ඉහළම ලංසුකරුට වෙන්දේසි කිරීම ඒවායේ අධ්‍යාත්මික වටිනාකමට නොගැලපේ.” යනුවෙනි.

ඉදිරි දිනවලදී කුමක් සිදුවේදැයි දැනට කිසිවක් කිව නොහැක.

බොහෝ බෞද්ධයන් පිළිගත හැකි ප්‍රතිඵලයකට ළඟා විය හැකි යැයි විශ්වාස කරමින්, සිදුවීම් දෙස කණස්සල්ලෙන් බලා සිටිනු ඇත.

කෙසේවෙතත්, ඕනෑම ප්‍රජාවක සොහොන් භාණ්ඩ විකිණීමේ ආචාර ධර්ම බෙහෙවින් ප්‍රශ්නකාරීය.