
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විද්‍යුත් මාධ්‍ය ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත පුළුල් ලෙස අධ්‍යයනය කර අවසන් යෝජනා හා අදහස් ලබාදීමට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන් තවත් කල් ඉල්ලා ඇත.
එසේම වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා අදාළ කෙටුම්පතෙහි සිංහල පිටපතක් ද ලබාදෙන ලෙසද, විද්‍යුත් මාධ්‍ය ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා අදාළ කෙටුම්පතෙහි සිංහල පිටපතක් ද ලබාදෙන ලෙසද විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ඉල්ලා තිබේ.
විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන පනතක් කෙටුම්පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණු නීර්ණය කිරීම සඳහා පත්කර ඇති අනු කාරක සභාව සමග පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.
එම අවසාන කෙටුම්පත සකස් කිරීමට අදාළ අදහස් යෝජනා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන් ගේ සංගමයේ සාමාජිකත්වය දරන සහ නොදරන රූපවාහිනී සහ ගුවන්විදුලි යන සියලුම මාධ්‍ය ආයතනය නියෝජනය වන පරිදි සියලුම විද්‍යුත් නාලිකා සාමාජිකයන් සමග සාකච්ඡාවක් 2023 ජුනි මස 07 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේවේදී සංවිධානය කර තිබිණි.
එම අනු කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් නීතිමය රාමුවක් කෙටුම්පත් කර ඇති අතර එම කෙටුම්පත විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සම්බන්ධව සළකාබලා පොදු එකඟතාවයකට පැමිණ අවසාන කෙටුම්පත සකස් කළ යුතු බවට තීරණයවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart