May 3, 2025

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවකු නවක වදය හා සම්බන්ධ යැයි කියන හේතූන් මත සියදිවි නසා ගැනීම මගින් පැහැදිලි වන්නේ නවක වදය විරෝධී නීති බව සහ ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවට දැනුවත්භාවය නොමැතිකම බවට මතයක් ඉදිරිපත් වී තිබේ.

අධ්‍යාපන ආයතනවල නවක වදය තහනම් කිරීමේ සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පනතට අනුව නවක වදය සාපරාධී වරදක් වුවද, නවකයන් අඛණ්ඩව ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් වන අතර, ඇතැම් විට මරණයට පත්වීම හා රෝහල්ගත වීමට පවා හේතු වේ.

මෙම නීතියේ විධිවිධාන අනුව වරදකරු වූ ඕනෑම පුද්ගලයකුට දැඩි සිර දඬුවමක් සහ වින්දිතයාට වන්දි ගෙවීමක් සහිත සිර දඬුවමක් නියම කළ හැකිය.

ලිංගික හිංසනයක්, ඕනෑම සිසුවකුට බරපතළ හානියක් සිදු කළහොත්, දඬුවම දරුණු වන අතර වසර දහයක සිර දඬුවමක් බවට් පත් වේ.

නවක වදය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ පරම්පරා ගණනාවක් තිස්සේ පවතින අතර, ශාරීරික, මානසික සහ චර්යාත්මක බලපෑම් සහ විශ්වවිද්‍යාල හැරයෑම ඉහළයෑම වැනි අහිතකර ප්‍රතිවිපාක ද ඇති කරයි.

වාර්තා වන නවතම සිදුවීම නවක වදය සමඟ සෘජුවම සම්බන්ධද නැද්ද යන්න තවමත් තහවුරු කර නොමැති වුවද, අදාළ නීති සම්පාදනය සහ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිද යන්න පිළිබඳව ගැටලු මතු කර තිබේ.

සාමාන්‍යයෙන්, නවක වදය සිදුවන්නේ පළමු වසර තුළය.

අතීතයේ දී, ඉන් බලාපොරොත්තු වී තිබුණේ ජ්‍යෙෂ්ඨ සිසුන් සමඟ දැන හඳුනා ගැනීම සහ බැඳීම වැඩි කිරීම බව මේ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එහෙත්, එය දැන් කනිෂ්ඨ සිසුන් මානසික, ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වන තත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

වර්තමාන තත්ත්වය පිළිබඳ විමසූ විට, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසුවේ විශ්වවිද්‍යාලවල බොහෝ අවස්ථාවන්හිදී නවක වදය මර්දනය කර ඇති නමුත් නවතම සිදුවීම පුදුමයට හේතුවන බවයි.

“අතීතයේ දී, කනිෂ්ඨ සිසුන් ඔවුන්ගේ පළමු වසර තුළ නවක වදයට ලක් වුණා. මෑතකදී මියගිය ශිෂ්‍යයා දෙවැනි වසරේ ශිෂ්‍යයෙක්. ඇත්ත වශයෙන්ම, ඔහු දෙවැනි වසරේ දෙවැනි අධ්‍යයන වාරයේ සිටියේ. දැන් දෙවැනි වසරේ සිසුන්ටත් නවක වදය සිදු කරනව දැයි අපි සැළකිලිමත් වෙනවා, ”යැයි ඔහු පැවසීය.

නවක වද විරෝධී නීතිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ එය ක්‍රියාත්මක වන නමුත් දැනුවත්භාවය නොමැතිකම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හේතුවක් විය හැකි බවයි.

නවතම සිදුවීමත් සමඟ, මෙම නීතිය පිළිබඳ වඩා හොඳ දැනුවත් කිරීමක් ඇති කිරීම, එය ක්‍රියාත්මක කිරීම සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර සළකා බලන බව ද ඔහු පැවසීය.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය පී.එච්.ජී. ජනක පුෂ්පකුමාර පැවසුවේ තම ආයතනයේ වෛද්‍ය සහ අනුබද්ධ විද්‍යා පීඨවල නවක වදය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

කෙසේවෙතත්, අනෙකුත් පීඨ සහ දෙපාර්තමේන්තුවල ඇතැම් සිද්ධි වාර්තා වන බව ඔහු පැවසීය.