
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිරි දළදා වන්දනාවාට සමගාමිව මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය මෙහෙයවීමෙන් වන්දනා කිරිමට පැමිණි පිරිස, එම ප්‍රදේශයේ ආයාතනවල පිරිසගේ ශ්‍රම දායකත්වයන් සාර්ථකව ඊයේ (27) ක්‍රියාත්මක කෙරෙණි.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම, තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් තම දායකත්වය ලබාදීමද විශේෂත්වයකි.
මේ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය මෙයෙහවීම යටතේ සමස්ථ මහනුවර නගරයම සාර්ථකව ශුද්ධ පවිත්‍ර කර තිබේ.
කසළ බැහැර කිරීම නිසි ලෙස සිදුකිරීම සඳහා ජනතාව තුළ ආකල්පමය හුරුවක් ඇති කිරීමේ වටිනාකම පහදාදෙන අන්දමින් සංවිධාන කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය නොඅඩුව හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
දළදා වන්දනාවට සමගාමීව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කර ගනිමින් පසුගිය දින කිහිපය පුරාම මෙවැනි වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart