
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 ජූනි මස දෙවන වරට රජයේ වෛද්‍ය පීඨ අවසන් වසර විභාගය සමත් වෛද්‍ය උපාධිධාරීන් සහ විදේශ විශ්වවිද්‍යාලවලින්
වෛද්‍ය උපාධි ලබාගත් වෛද්‍ය උපාධිධාරීන් 400කට සීමාවාසික පත්වීම් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හිතාමතා ප්‍රමාද කරන බවට චෝදනා එල්ල වේ.
2022 ජුනි මාසයේ අවසන් වසර විභාගය සමත් වූ වෛද්‍ය උපාධිධාරීන් (Repeated) 222ක් සහ විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිධාරීන් 178ක් ඇතුළුව වෛද්‍ය උපාධිධාරීන් 400කට සීමාවාසික පත්වීම් ලබාදීමට අමාත්‍යාංශය මේ වනවිට කටයුතු කළ යුතු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ආරංචි මාර්ගවලට අනුව, අමාත්‍යාංශය සතුව පවතින මෙම උපාධිධාරී ලැයිස්තු, අදාළ ක්‍රියාවලිය සඳහා මැයි මස අවසන් සතියට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට (SLMC) යොමු කළ යුතු නමුත් මෙතෙක් එය සිදු කර නොමැත.
එම උපාධිධාරීන් 400ට අමතරව රජයේ වෛද්‍ය පීඨවල අවසන් වසර විභාගය සමත් උපාධිධාරීන් 1080ක් සිටින බවත්, ඔවුන්ට 2023 නොවැම්බර් මාසයේදී සීමාවාසික පත්වීම් පිරිනැමීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට අවසන් විභාග සඳහා පෙනී සිටින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ (KDU) සිසුන්ගේ ප්‍රතිඵල මේ මස (ජුනි) අවසන් වන විට නිකුත් කිරීමට නියමිතය.
(themorning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart