
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද නව තීරුබදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයාබලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
මෙම තීරුබදු පැනවීමේ පසුබිම සහ පදනමත්, මෙවැනි විශාල අගයකින් තීරුබදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව වැනි රටවලට මුහුණදීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳවත් මෙහිදී පුළුල්ව සාකච්ඡා කර තිබේ.
උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ රටක් ලෙස ක්‍රියාකළ යුතු ආකාරය සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
කමිටුව නියෝජනය කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලනෙත්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර්, මාස් හෝල්ඩිංග් සම නිර්මාතෘ ෂෙරාඩ් අමලීන්, ලංකා ගාමන්ට් කළමනාකරණ අධ්යක්ෂ සයිෆ් ජැෆර්ජි, මිචලින් ලංකා පෞද්ගලික සමාගමේ නිලන්ති වැලිවේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එමෙන්ම මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ද සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart