
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් ආපසු ලබා ගන්නා ලෙස ඉන්දීය රජයට බල කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඊයේ යෝජනාවක් සම්මත කර තිබේ.
එම යෝජනාවට පැමිණ සිටි සියලුම පක්ෂවල ඒකමතික සහයෝගය ලැබී ඇත.
කථානායක අප්පාවු යෝජනාව ප්‍රකාශයට පත් කළ අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් සියලු පක්ෂ එකඟ වූ බව එහිදී පෙනී ගොස් ඇත.
මහ ඇමැති එම්.කේ. ස්ටාලින් සභාව අමතමින් විපක්ෂ නායක එඩප්පාඩි පලනිස්වාමිගේ විවේචනවලට ප්‍රතිචාර දක්වා තිබිණි.
ඔහු මෙම ගැටලුව සම්බන්ධයෙන් AIADMK හි ස්ථාවරය ප්‍රශ්න කරමින්, “ඔබේ රජය බලයේ සිටි පසුගිය වසර 10 තුළ ඔබ කළේ කුමක්ද? ඔබ මෙම කච්චතිව් ගැටලුව ගැන කතා කළාද?” යනුවෙන් විමසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ද ප්‍රධාන ඇමැතිවරයා කණස්සල්ල පළ කළේය.
“ධීවරයන් ප්‍රහාරයට ලක් වනවා වගේම බෝට්ටුත් අත්අඩංගුවට ගන්නවා. මධ්‍යම විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මාර්තු මාසයේදී පවසා තිබුණේ ධීවරයන් 97 දෙනෙකු තවමත් බන්ධනාගාරගතව සිටින බවයි. 2024 දී පමණක් ධීවරයන් 500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා. එය දිනකට අත්අඩංගුවට ගැනීම් දෙකක්,” යනුවෙන් ඔහු පැවසීය.
ස්ටාලින් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි.
තමිල්නාඩු රජය වෙනුවෙන්, මම අගමැති නරේන්ද්‍ර මෝදි සහ විදේශ අමාත්‍යවරයා අමතමින් ලිපි 74ක් ලියා තිබෙනවා . මම අගමැති හමුවන සෑම අවස්ථාවකම, මෙම ගැටලුව මතු කරනවා. කච්චතිව් නැවත ලබා ගැනීම එකම විසඳුමයි, ” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart