
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නොබෙල් සාම ත්‍යාගය සඳහා දෙවැනි වරටත් නම්කර තිබේ.
පසුගිය දෙසැම්බරයේ ආරම්භ කරන ලද උපදේශක කණ්ඩායමක් වන පාකිස්ථානු ලෝක සන්ධානයේ සාමාජිකයන් විසින් එරට මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ඔහු කළ කාර්යභාරය සඳහා ඉම්රාන් ඛාන් නම්කරන බව නිවේදනය කර ඇත.
“නම් යෝජනා කිරීමේ අයිතිය ඇති අයෙකු සමඟ සන්ධානගතව, පාකිස්ථානයේ මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර ඇති බව මධ්‍ය පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කිරීමට අපි සතුටු වෙමු,” යනුවෙන් එම පක්ෂය සිය X ගිණුමේ සටහන් කර තිබේ.
නෝර්වීජියානු දේශපාලන පක්ෂයක් වන මධ්‍ය පක්ෂයට (Partiet Sentrum) අයත් PWA උපදේශක කණ්ඩායම, මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ඉම්රාන් ඛාන්ගේ නම ඊයේ නිවේදනය කළේය.
කෙසේවෙතත්, තමා නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙකු නොවන බව ඉම්රාන් ඛාන් සිය X ගිණුමේ පවසා තිබේ.
“මේ සඳහා සුදුසු පුද්ගලයා කාශ්මීර ආරවුල කාශ්මීර ජනතාවගේ අභිමතය පරිදි විසඳා උපමහාද්වීපයේ සාමය සහ මානව සංවර්ධනය සඳහා මග සකසන තැනැත්තා වනු ඇත.” යනුවෙන් ඔහු පවසයි.
පාකිස්තාන Tehreek-e-Insaf (PTI) හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධානියා වන ඉම්රාන් ඛාන් මේ වන විට චෝදනා රැසකට වරදකරු වීම හේතුවෙන් සිරදඬුවම් විඳිමින් සිටී.
ඔහු 2023 මැද භාගයේ සිට රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයේ රඳවා ඇත.
මෙම වසරේ ජනවාරි මාසයේදී ඛාන්ට වසර 14 ක සිරදඬුවමක් නියම වූයේ බලය අනිසි ලෙස භාවිත කිරීම සහ දූෂණය සම්බන්ධ නඩුවකටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart