
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුතර ගමගොඩපාර, රජවත්ත ප්රදේශයේ නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්රල් බෝම්බ ප්රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකුවකු මියගොස් තිබේ.
පසුගිය (29) රාත්රී 10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ මෙම ප්රහාරයෙන් රූපවාහිනිය නරඹමින් සිටි එම දරුවා සහ නිවසේ සිටි වයස අවුරුදු 28ක් පමණ වන කාන්තාවක් තුවාල ලබා ඇත.
ඔවුන් දෙදෙනා කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති අතර, එහි ප්රතිකාර ලබමින් සිටියදී පෙරේදා(30) සවස මියගොස් ඇත.
මියගිය දරුවාගේ මව විදේශගතව සිටින අතර, ඒ හේතුවෙන් දරුවාගේ පියා රැකියා කටයුතු නිමකර යළි පැමිණෙන තෙක් එම දරුවාව රැකබලාගන්නේ පෙට්රල් බෝම්බ ප්රහාරයක එල්ල වූ නිවසේ සිටි කාන්තාව විසින් බව වාර්තා වේ.
තුවාල ලැබූ එම කාන්තාව ද මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
මෙම පහරදීමට සම්බන්ධ කිසිදු පුද්ගලයකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදීම කුමන හේතුවක් නිසා සිදුව ඇද්ද යන්න පිළිබඳව ද මේ වනතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart