
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිලෝමීටර 2,000 කට වඩා වැඩි දුරක් ආවරණය කරමින් රෝගියා බැංගලෝරයේ සිටියදී ගුරුග්‍රාම් හි වෛද්‍යවරුන් විසින් සංකීර්ණ හෘද සැත්කමක් සාර්ථකව සිදුකිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
Telesurgery ආධාරයෙන් සහ ඉන්දියාවේ ප්රමුඛ පෙළේ වෛද්‍ය තාක්ෂණ සමාගමක් වන SS නවෝත්පාදන උපයෝගී කරගනිමින් SSI Mantra ලෙස හැඳින්වූ ඉන්දියාවේ ප්‍රථම දේශීයව සංවර්ධනය කරන ලද ශල්‍ය රොබෝවරයා භාවිත කරමින් මෙම සැත්කම් සිදුකර ඇත.
සැත්කම සඳහා ගතවී ඇති කාලය පැය 2 යි විනාඩි 40 ක් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
35 හැවිරිදි රෝගියාට හෘදයේ ඉහළ කුටීර අතර සිදුරක් පවතින සංජානනීය තත්වයක් වන Atrial Septal Defect (ASD) රෝගී තත්ත්වය ඇති බව හඳුනාගෙන ඇති අතර එය සංකීර්ණ අවස්ථාවක් බවට පත්ව තිබිණි.
ගුරුග්‍රාම් හි SS නවෝත්පාදන ආයතනයේ නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සුධීර් ශ්‍රීවාස්තවා විසින් මෙම අභ්‍යන්තර ශල්‍යකර්මය මෙහෙයවන ලද අතර, ඔහුගේ විශේෂඥ කණ්ඩායම සමඟින් බෙංගාලෝර් හි Aster CMI රෝහලේ හෘද වාහිනී සහ උරස් ශල්‍ය වෛද්‍ය උපදේශක අරුල් ෆුර්ටාඩෝගේ සහාය ඇතිව සැත්කම සිදුකර තිබේ.
රොබෝ ශල්‍යකර්මයක් අතරතුර, ශල්‍ය වෛද්‍යවරයා ත්‍රිමාණ කණ්නාඩි පැළඳ කොන්සෝලයක් පිටුපස වාඩි වී තිරයක් දෙස බලමින් සැත්කම සිදුකර තිබේ.
මෙහිදී රොබෝ ආධාරයෙන්, රෝගියා වෙනත් ස්ථානයක රඳවා සහායක වෛද්‍යවරයකු ඉදිරියේ ශල්‍යකර්මය සිදුකෙරේ.
ස්ථාන දෙකෙහිම වෛද්‍යවරුන් පවසන පරිදි, ශල්‍යකර්මය සුවිශේෂී නිරවද්‍යතාවයකින් සහ ප්‍රමාදයකින් තොරව සිදුකර ඇත.
ඉන්දියාවේ ටෙලිසර්ජරි ක්‍රමයෙන් දියුණුවෙමින් පවතින බවට මෙය කදිම උදාහරණයකි.
මීට පෙර, ගුරුග්‍රාම් සහ දිල්ලි අතර කිලෝමීටර 40 ක් සහ ගුරුග්‍රාම් සහ ජායිපූර් අතර කිලෝමීටර් 286 ක් වැනි කෙටි දුරක් සඳහා ඉන්දියාව තුළ දුරස්ථ සැත්කම් සිදුකර ඇත.
කෙසේවෙතත්, නවතම සැත්කම ඔස්සේ කිලෝමීටර් 2,000 ක දුරින් සිදුකළ ටෙලි ශල්‍යකර්මය එරට වෛද්‍ය ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉන්දියාවේ විශේෂිත ශල්‍ය සත්කාර සඳහා භූගෝලීය බාධක තවදුරටත් බාධාවක් නොවන බව සනාථ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart