
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගම් විකෘති කිරීම වැලැක්වීම වෙනුවෙන් නව නීතියක් ගෙනෙන බව බුද්ධ ශාසන ඇමැති විදුර වික්‍රමනායක පවසයි.
ආගමික නිදහස තහවුරු කිරීම වැදගත් බැවින් පාර්ලිමේන්තුවට මීට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව
ඇමැතිවරයා සඳහන් කරයි.
පසුගිය දිනවල වාර්තාවූ සිදුවීම් කිහිපයක් මෙලෙස නව නීතියක් අවශ්‍යතාව පෙන්වාදී ඇතැයිද ඇමැතිවරයා පෙන්වාදෙයි.
මේ අතර, බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට නතාශා එදිරිසූරිය ජූනි මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව පෙරේදා(28) රාත්‍රියේ ඇය කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart