
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව තර කිරීමටත් රාත්‍රී මුර සංචාරය වැඩි කිරීමටත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ උපදෙස් අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පියවර ගෙන ඇත.
කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් පසුගියදා ඇමැතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු පිරිසක්ද මෙම රැස්වීමට සහභාගි වූහ.
මෙම හමුවේදී ඇමැතිවරයා විශ්වවිද්‍යාල සිසුන්ගේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසා ඇත.
විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාරවල ආරක්ෂාව, ගත හැකි ආරක්ෂක ක්‍රියාමාර්ග, සරසවි ආශ්‍රීතව පවතින අයිස් වැනි මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ආදී ගැටලු පිළිබඳවද මෙම රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වූ බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart