
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා ගෙන දේශපාලනයට පැමිණීමට සූදානම් වන බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එවැනි ප්‍රකාශ සිදුකරන්නේ පක්ෂය තුළම සිටිමින් පක්ෂය කඩාකප්පල් කිරීමට උත්සහ දරන පුද්ගලයන් දෙදෙනෙකු විසින් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ceylon wire වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව අනාවරණ කළ මන්ත්‍රීවරයා පැවසුවේ පක්ෂයේ ඉහළම තනතුරට පැමිණ දේශපාලනයෙන් සමුගත් පුද්ගලයෙකු යළිත් බිම් මට්ටමින් දේශපාලනයට පැමිණීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියක් නොවන බවයි.
එවන් පසුබිමක පක්ෂය තුළ රැඳී සිටිමින් වන්දිභට්ටයින් ලෙස ක්‍රියා කරන එම පුද්ගලයින් ඡන්ද විමසීමක් ආසන්නයේ තිබියදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින්නේ විවිධ පාර්ශව වලින් දේශපාලන සහ මූල්‍යමය වාසි ලබා ගැනීමේ අරමුණින් බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂය වටා තවමත් පාක්ෂිකයින් දහස් ගණනක් එක්ව සිටින බැවින් එම පාක්ෂිකයින් ජයග්‍රහණය කරවීම සඳහා පුළුල් සන්ධානයක් ලෙස එක්ව කටයුතු කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart