
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුව 2025 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය මූල්‍ය විනයක් සහිත අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylon wire වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, ජනතාවට ආකර්ශනීය පොරොන්දු ලබා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතාවට බොරු කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බොරු නොකිරීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.
රජය එලෙස නොකළේ නම් රට තවදුරටත් කඩාවැටෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මෙම අයවැය 2015, 2016, 2017 සහ 2023, 2024 යන වසරවල පැවැති රජයන් විසින් ඉදිරිපත් කළ අයවැයේ දිගුවක් බවයි.
වත්මන් රජය අයවැය හරහා ඉලක්ක ඉදිරිපත් කළ ද එම ඉලක්ක වෙත ලඟා වන වැඩපිළිවෙළක් ඔවුන් ඉදිරිපත් කර නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
අයවැය මගින් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබුණ ද ආර්ථිකය නගා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය ආයෝජකයන් දිරිගැන්වීම් මෙන්ම විදේශ විනිමය උපයා දෙන විදෙස් ගත මෙරට ශ්‍රමිකයින් සඳහා ද සහන ලබා දී නොමැති බවත්, එමෙන්ම සංචාරකයින් දිරිගැන්වීම සඳහා ද අයවැයෙන් වැඩපිළිවෙළක් යෝජනා කර නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද පොරොන්දු රැසක් ලබා දුන් ආණ්ඩුව අයවැයෙන් සිදු කර ඇත්තේ එමගින් සිදු කළ යුතු අදාළ මූල්‍ය වර්ෂයේ වැටුප් වැඩි කිරීම නොව එළඹෙන වසර 03 ක වැටුප් වැඩිකිරීමක් පෙන්වා එය කොටස් වශයෙන් ලබා දීම බවයි.
කෙසේවෙතත් මන්ත්‍රීවරයා පැවසුවේ මේ මොහොතේ විපක්ෂයේ ද වගකීම විය යුත්තේ විවේචන පමණක් එල්ල කිරීම නොව රට ඉදිරියට ගෙන යාම සඳහා සංවිධානාත්මකව ආණ්ඩුවට සාර්ථක යෝජනා ඉදිරිපත් කිරීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart