
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවේදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
යුක්‍රේනයේ ඛනිජ සම්පත් සහ රුසියාව සමග ගැටුම් සමනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රධාන වශයෙන් එම හමුව සංවිධානය කර තිබිණි.
යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි, හමුවේදී අදහස් දක්වා ඇත්තේ, අමෙරිකාව යුක්‍රේනය වෙනුවෙන් වැඩි සහයෝගයක් දැක්විය යුතුයි යන මතයේ සිටය.
අනතුරුව යුක්‍රේනය සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි වගකීමක් ගැනීම යෝග්‍ය නොවේ යන මතයේ සිට ට්‍රම්ප් සෙලෙන්ස්කි ඉදිරියේ අදහස් දක්වා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ආවේගශීලීව පවසා ඇත්තේ, තමා යුක්‍රේනයට ලබාදෙන සහය පිළිබඳ ස්තූතිවන්ත විය යුතු බවයි.
සෙලෙන්ස්කි තුන්වැනි ලෝක යුද්ධය සමග සූදුවක යෙදෙන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය.
රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සමග සම්මුතියක් නොතිබිය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සෙලෙන්ස්කි වෙත පවසා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම හමුවේදී සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් වහාම පිටව යන ලෙසද ට්‍රම්ප් දැනුම් දී ඇති බවයි.
ඒ අනුව සෙලෙන්ස්කි වෙනුවෙන් සැලසුම් කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡාවද හදිසියේම අවලංගු කර තිබේ.
කෙසේවෙතත් සෙලෙන්ස්කි, ඇමරිකානු ජනතාවට ස්තුතිය පළකරමින්, යුක්‍රේනයේ පවතින තත්ත්වය සඳහා ඇමරිකාවේ සහයෝගය ඉතාමත් වැදගත් බව පසුව පැවති ජනමාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ ය.
ට්‍රම්ප් සමග පැවැත්වූ හමුව පුරාවට තමාට ආචාරශීලී වීමට අවශ්‍ය වූ නමුත් ඇතැම් දේශපාලනඥයන් යුක්‍රේනයේ සිදුවු මරණ සහ ඔහුගේ රටේ තත්ත්වය පිළිබඳව ට්‍රම්ප් වෙත ලබා දී ඇති සාවද්‍ය තොරතුරු මත ආවේගශීලි මොහොතක් නිර්මාණය වූ බව සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ ය.
රටවල් දෙකක සම්බන්ධතා යනු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවක් නොවන බවත් දෙරට අතර ඓතිහාසික සබඳතා ඉදිරියට ශක්තිමත්ව පවත්වාගතයුතු බවත් සෙලෙන්ස්කි පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart