
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිවිධ හමුදාවන්හි පුද්ගලයන් සංඛ්‍යාව අඩුකරන අතර හමුදාවන් නවීන උපකරණවලින් සන්නද්ධ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඊයේ (28) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදුකරමිනි.
ශ්‍රී ලංකා හමුදාවේ කාර්ය මණ්ඩලය 100,000 කටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය මණ්ඩලය 40,000 කටත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්ය මණ්ඩලය 18,000 කටත් සීමා වන බව ජනාධිපතිවරයා එහිදී අනාවරණය කළේය.
“අපගේ අරමුණ හමුදාවන්ට නවීන උපකරණ ලබාගැනීමයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම ගුවන් යානා පාහේ යල්පැන යමින් පවතී. එබැවින්, අපි නව ගුවන් යානා ලබාගන්නවා. ශ්‍රී ලංකා නාවික හමුදාවට ද නව යාත්‍රා සහ නව උපකරණ ලැබෙනවා. අපි කිසිදු පැකිළීමකින් තොරව එය කරනවා” යැයි වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart