
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට ලබාදුන් BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.
රාජ්ය පුවත්පතක් වන දිනමිණට අනුව, ඉන්ධන කාර්යක්ෂමතාව දුර්වල බව පවසමින් සභාපති ජනක රාජකරුණා වාහනය ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
2018 දී රුපියල් මිලියන 29.5 කට මිලදී ගත් BMW 7 Series වාහනයට පෙට්රල් ලීටර් 01 ක් භාවිත කරමින් කිලෝමීටර 04 ක් දක්වා ගමන් කළ හැකිය.
එම වාහනයේ අලුත්වැඩියාවන් සඳහා රුපියල් මිලියන 6.7 කට වඩා වැයවන බව වාර්තා වන අතර, මාසික නඩත්තු සේවා සඳහා ද විශාල මුදලක් වැය වන බව වාර්තා වේ.
මෙම කරුණු සැළකිල්ලට ගනිමින්, වත්මන් සභාපතිවරයා දැන් මෝටර් රථය විකුණා සේවක ප්රවාහනය සඳහා භාවිත කිරීම වෙනුවෙන් වායුසමීකරණය කරන ලද බස් රථ දෙකක් මිලදී ගැනීමට තීරණය කර ඇත.
බස් රථ දෙක රුපියල් මිලියන 20 බැගින් මිලදී ගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart