
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තනිකඩව සිටින සහ දික්කසාදව සිටින සිය සේවකයන් සේවයෙන් පහකරන බවට තර්ජනය කර ඇති සමාගමක් පිළිබඳ චීනයෙන් වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා අනුව එවැනි දැඩි නීතියක් ක්‍රියාත්මක කර ඇත්තේ චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ පිහිටි Shandong Shuntian Chemical Group Co. Ltd නමැති සමාගමකි.
සමාගමේ නීතිය අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට එම සේවකයන් තනිකඩව හෝ දික්කසාද වී සිටියහොත් ඔවුන්ව සේවයෙන් පහකරනු ඇත.
සමාගම විසින් එහි 1,200 ක් පමණ වන සේවකයන්ට දැනුම් දීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම සේවකයන් හොඳින් රාජකාරී සිදුකර පවුලක් වශයෙන් ස්ථාපිත වියයුතු බවයි.
දික්කසාද වූවන් ද ඇතුළුව වයස අවුරුදු 28-58 අතර තනිකඩ සේවකයන්ට මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට විවාහ වී පදිංචිය සමාගමට දැනුම් දියයුතු වේ.
ඒ සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සේවකයන් විසින් මාර්තු අග වන විට සමාගමට ඉදිරිපත් කළ යුතු අතර, එසේ නොමැති සේවකයින් ඒ සම්බන්ධයෙන් ස්වයං විවේචන ලිපියක් ලිවිය යුතුයි.
එළඹෙන ජුනි මාසය අවසන් වන විට විවාහ නොවන සේවකයන් සම්බන්ධයෙන් සමාගම ඇගයීමක් පවත්වන බව ද වාර්තා වේ.
ඒ අනුව සැප්තැම්බර් අග වන විට ඔවුන් තවමත් තනිකඩව සිටියහොත් ඔවුන් සේවයෙන් පහකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart