
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නළ මාර්ගය ක්‍රියාවට නැංවෙන්නේ එය ආර්ථික වශයෙන් ශක්තිමත් නම් පමණක් මිස දේශපාලන කරුණු මත නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.ඒ.රාජකරුණා පවසා තිබේ.
ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, එම ව්‍යාපෘතියේ ශක්‍යතාව පිළිබඳව දෙපාර්ශවය මේ වන විට තක්සේරු කරමින් සිටින බවයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැති සාකච්ඡා වටයකට තමන් පසුගිය සතියේ සහභාගි වූ බව ද ඔහු පැවසීය.
“අපි ව්‍යාපෘතියේ ශක්‍යතා තක්සේරු කරන්නවා. එය කළ හැකි නම් පමණක් අපි ඉදිරියට යනවා. දේශපාලන හේතු මත පමණක් අපට එය තීරණය කරන්න බැහැ,” ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබේ.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සම්බන්ධ ත්‍රෛපාර්ශ්වික ව්‍යාපෘතිය සඳහා දෙරට අතර ඒකාබද්ධ ප්‍රකාශයට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදුකෙරුණු ජනාධිපතිවරයාගේ නවදිල්ලි සංචාරයේදී අත්සන් කර තිබේ.
එය දෙරට අතර බලශක්ති සම්බන්ධතාවයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන අතර දෙරට අතර විදුලිබල ජාලය සම්බන්ධ කිරීම සඳහා ද යෝජනාවක් තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාව මේ වනවිට ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා විවෘත වෙළඳපොළෙන් මිලදී ගැනීම් වෙනුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ කටාර් වෙතින් සෘජු ඉන්ධන මිලදී ගැනීම් සම්බන්ධයෙන් විමසා බලමින් සිටියි.
මෙහි මූලික සාකච්ඡා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය සමඟ පැවැත්වූ බවත්, තවත් සාකච්ඡාවක් එරට තාක්ෂණික කණ්ඩායමක් සමඟ පවත්වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.ඒ.රාජකරුණා පවසා තිබේ.
කෙසේවෙතත් පසුගියදා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමීර් සංචාරයේදී, එරට බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart